සොරකම් කල භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 5ක් ලු..
‘‘රත්තරං බඩු ටිකට වැඩියෙන් වටින්නේ මගේ නිකල් පිස්තෝලෙ..‘‘

ජනප්‍රිය රංගන ශිල්පියකු වන රජිත හිරාන් චාමිකරට (පිං පොං) සිදුවු අකරතැබිබයක් ගැන හිරු ගොසිප් වෙත වාර්තා වුනා. ඊයේ දහවල් ඔහුගේ නිවසට කිසියම් පිරිසක් ඇතුලු වී ස්වර්ණාභරණ ඇතුලු වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බවයි ඔහු අපට පැවසුවේ.
ඊයේ දහවල්, පානදුර ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවසට පවුලේ සාමාජිකයන් ද සමඟ නිවසින් පිටවු අවස්ථාවේ මෙම සොරකම සිදුව ඇතැයි පිං පොං අප සමග සඳහන් කලා.
කණගාටුදායක සිද්ධිය වන්නේ ඔහුගේ මංගල මුදුව ද පැමිණි පුද්ගලයන් විසින් සොරකම් කරගෙන යාමයි. එමෙන්ම සිය බිරිඳගේ මෙන්ම බිරිඳගේ මව සතුව තිබු මාල සහ වළලු ද නිවසින් අතුරුදන්ව ඇති බවයි රජිත හිරාන් සඳහන් කලේ.
නිවසේ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන ඇතුලු වටිනා භාණ්ඩ කිසිවක් සොරකම් කර නොමැති අතර පැමිණි පිරිස රැගෙන ගොස් ඇත්තේ ස්වර්ණාභරණ පමණක් වීම විශේෂත්වයක්.
එමෙන්ම තමා විවිධ රංගනයන්ට මෙන්ම ඡායාරූපවලට ද පෙනී සිටීමේදී යොදාගත් ව්‍යාජ ගිනි අවියක් ද අතුරුදන්ව ඇති බවත්, තමාට ස්වර්ණාභරණ වලට වඩා ලෙබනනයෙන් ගෙන්වු එම ව්‍යාජ ගිනි අවිය වටිනාකමින් යුතු බවයි පිංපොං අපිට කිවුවේ.
සොරකම් කල මුලු භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 5 කට අධිකයි. මෙම අවස්ථාවේදී පොලිසියේ කටයුතු කල ආකාරය රජිත හිරාන් නොහොත් පිංපොංගේ දැඩි ඇගයීමට ලක්වී ඇති බව ඔහු අප සමඟ ඉතාමත් සතුටින් පැවසුවා. කෙසේවෙතත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
ඔහු අප සමඟ කළ සම්පූර්ණ කතා බහ පහතින්..

0 comments:
Post a Comment